Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

උසස් පෙළ හා ශිෂ්‍යත්වය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණයක්




මේ වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර ඇත.

 අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ජාවකදී මේ පිළබඳව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.

සියලු පළාත් අධ්‍යක්ෂවරුන් ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් එම සාකච්ජාව සිදු කර ඇති අතර  පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී තිබේ.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'