Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

මාඔයේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට





මාවනැල්ල - මාඔයේ බෝවැල්ල ප්‍රදේශයෙන් දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් අද (21) සවස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන අතර මොවුන් දෙදෙනා මාකෙහෙල්වල සහ පිළිමතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මියගිය තරුණයින් දෙදෙනාගේ මෘත ශරීර මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'