Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්





හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) පෙරවරු 9 සිට පැය හයක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක යන ප්‍රදේශවලටත්, සීදූව නගර සභා බල ප්‍රදේශයටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. 

එසේම කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ජාඇළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද හෙට පෙරවරු 9 සිට පැය හයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'