ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි
ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ ඒ අනුව පරීක්ෂණ ගොනුව නැවතත් පොලිස්පතිවරයාට යැවූ බවය.
එම ආයතනයේ කොටස් විකිණීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙසද පොලිස්පතිවරයාට දැන්වූ බව ඇය පැවසුවාය.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'