Logo
2021 අප්‍රේල් මස 18 වැනි ඉරිදා

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර





යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා පොලිසීය විසින් දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුමක දී 8,957 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන තිබේ. 

ඒ, මාර්තු 31 සිට අප්‍රේල් 01 වනදා දක්වා කාලය තුළ සිදුකළ එම මෙහෙයුම්වලදීය. 

මෙම මෙහෙයුමේදී යතුරුපැදි 295ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි

එම යතුරුපැදි මාර්ගවල ධාවනයට නුසුදුසු තත්ත්වයේ විවිධ දෝෂ තිබූ ඒවා බවද ඔහු සඳහන් කළේය.

බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 264 දෙනෙකු ද එහිදී අත්අඩංගුවටගෙන තිබේ.

අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ 85 දෙනෙකු, අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ 80ක්,  ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1298ක් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් 875ක්, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2,002ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4,105 දෙනෙකු සම්බන්ධව ද කටයුතු කරඇති බව ඔහු පවසයි.

යතුරුපැදිවල තිදෙනෙකු ගමන් කිරීමට අදාළව 248 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකකර තිබේ.  

ඉකුත් 31 වනදා ආරම්භ කරන ලද මෙම මෙහෙයුම් අද (03) දිනය දක්වා ක්‍රියාත්මකවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'