කිරුළ නැවතත් පුෂ්පිකාටම පළදයි..!
ලෝක විවාහක රූ රැජිණ තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමේ වරම හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා වෙත නැවතත් මෙරට විවාහක රූ රැජිණ කිරුළ ලබා දීමට සංවිධායකයන් විසින් තීරණය කර තිබේ.
පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජිණ – ලංකා – කිරුළ දිනා ගත්තද, ඈ දික්කසාද වී ඇති බව පවසමින් එ සැණින් ඇගේ කිරුළ ඉවත් කරන ලදී.
කෙසේ වෙතත්, ආන්දෝලනාත්මක තත්ත්වය අවසන් කරමින්, කිරුළ නැවතත් ඈ වෙත ලබා දී තිබේ.
විවාහක සැමියාගෙන් වෙන්ව සිය දරුවා සමඟ තනිව සිටියද ඈ මෙතෙක් නීත්‍යනුකූලව දික්කසාද වී නැති බව පැවසේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'