Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

මිලියන 533 ක ෆේස්බුක් පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත ලීක් වෙයි





ෆේස්බුක් ගිණුම් මිලියන 533 ක පුද්ගලික දත්ත අන්තර්ජාලයට මුදා හැර ඇති බව ආරක්ෂක පර්යේෂක ඇලොන් ගල් පවසයි. 

බිස්නස් ඉන්සයිඩර්ට අනුව සෙනසුරාදා රටවල් 106 ක මිලියන 533 කගේ දත්ත අන්තර්ජාලය හරහා මුදා හැර ඇත. මීට එක්සත් ජනපදයේ පරිශීලකයින් පිළිබඳ වාර්තා මිලියන 32 කට වැඩි ප්‍රමාණයක්, එක්සත් රාජධානියේ පරිශීලකයින් මිලියන 11 ක් සහ ඉන්දියාවේ පරිශීලකයින් මිලියන 6 ක් ද ඇතුළුව.

මෙසේ ලීක් වී ඇති දත්ත වන්නේ පරිශීලකයින්ගේ දුරකථන අංක, ෆේස්බුක් හැඳුනුම්පත්, සම්පූර්ණ නම්, ස්ථාන, උපන්දිනය, සහ සමහර අවස්ථාවල ඊමේල් ලිපින බව බිස්නස් ඉන්සයිඩර් පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'