Logo
2021 අප්‍රේල් මස 20 වැනි අඟහරුවාදා

ඊ.ටී.එෆ්.චෙක්පත් අස්ථානගත කිරීමේ චෝදනාවකට පොල්වගා මණ්ඩලයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම්





‍රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් සේවක අර්ථසාධක අරමුදල් චෙක්පත් අස්ථාන කලේ යැයි චෝදනාවකට පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය අංශයේ ගණකාධිකාරිනියකගේ සහ ප්‍රධාන කාර්යාලයේ සේවය කර පසුව ස්ථාන මාරු ලැබූ කළමනාකරණ සහකාරිනියකගේ වැඩ තහනම් කර ඇත.

එම නිලධාරිනියන් දෙදෙනාගේ වැඩ තහනම් කරමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ජයන්ත වික්‍රමසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපිවල සදහන් වන්නේ අදාළ නිළධාරිනියන් මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ චෙක්පත් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.

මෙම වංචාව සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලමින් පොල් වගා කිරීමේ සේවක අර්ථසාධක සමිති ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලින් මිලියන 10 කට ආසන්න මුදලක් පෞද්ගලික ගිනුම්වලට බැර කරගෙන ඇතැයිද  පොල් වගා කිරීමේ මණ්ඩලයේ ව්‍යාප්ති නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සදහන් කර ඇත.

මෙම නිලධාරිනියන් දෙදෙනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා දඩුවම් ලබා දෙන ලෙසත් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක  අර්ථසාධක අරමුදල් ආරක්ෂා කර දෙන ලෙසත් එහි වෘත්තීය  සමිති එකමුතුව පජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'