Logo

ඕස්ට්‍රේලියාවට ගිය යාත්‍රාවට අනතුරක් නැහැ

ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට කිලෝමීටර 250ක් දුරින් ශ්‍රි ලාංකික සරණාගතයින් පිරිසක් රැගත් යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට පළවන වාර්තා අසත්‍යය බව ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසා සිටී.මෙසේ ගිලෙන බවට වාර්තා වුනු මෙම බෝට්ටුව නාවුරු දූපතට යවන ලද බව ඕස්ට්‍රෙිලියානු රජය පවසයි.

ශ්‍රි ලාංකික සරණාගතයින් පිරිසක් රැගත් යාත්‍රාවක් මෙසේ අනතුරට ලක්ව ඇති බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණි. එසේම ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින්ද අදාළ යාත්‍රාව ක්‍රිස්මස් දුපත ආසන්නයේ දි අනතුරට ලක්ව ඇති බවත්, එහි සිටින පුද්ගලයෙකු දුරකථන මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් වාර්තා කර තිබුණි.

ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන ඇමැති ස්කොට් ටොරියන් කියනුයේ බෝට්ටුවේ ගමන් ගත් කිසිදු පුද්ගලයෙකුගේ ජීවිතයට අවධානමක් සිදු වී නොමැති බවත් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන නීතිය ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවයි. දැනට පවතින නීතිය වනුයේ සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට එන පිරිස් නාවුරු දූපතේ කඳවුරු තුළ රැඳවීමයි.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12063196
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12073638
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9559773
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9462134
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9276863
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'