Logo

ජත්‍යාන්තර ඇඟලුම් තොග අලෙවි මධ්‍යස්ථානයක් කොළඹටත්

දෙස් විදෙස් ගැනුම්කරුවන්ට ඇඟලුම් තොග වශයෙන් අලෙවි කිරීමේ මහා පරිමාණ වෙළඳ මධ්‍යස්ථානයක් කොළඹ නගරයේ ගොඩනැගීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය (Sri Lanka Apparel Brands Association- SLABA)සහ ඇඟලුම් කර්මාන්තයේ නිරත සමාගම් 100 ක පමණ සහභාගීත්වයෙන් මෙය ගොඩනැගීම සඳහා සැලසුම් කර අැත. මෙවැනි ඇඟලුම් තොග විකිණීමේ වෙළඳ මධ්‍යස්ථාන චීනය හා තායිලන්තය වැනි රටවල මේ වනවිටත් පවතින අතර කොළඹ නගරයේ ද එවැනි තත්වයක් ගොඩනැගීම මේ මගින් බලාපොරොත්තු වේ.

මෙය රාජගිරිය, කොල්ලුපිටිය හෝ බම්බලපිටිය වැනි ප්‍රදේශයක ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර මෙම මධ්‍යස්ථානයේ තොග අලෙවිසැල් 100 ක් පමණ ගොඩනැගීමට සැලසුම් කර තිබේ. මේ සඳහා වන ඉදිකිරීමේ වියදම් මෙයට සම්බන්ධ වන ඇඟලුම් සමාගම් වලින් හා බැංකු ණය වලින් පියවා ගනු අැත. මෙම වෙළඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කර වසර දෙකකින් අවසන් කිරීමට ද සැලසුම් කර තිබේ.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1584101
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1437153
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1447077
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1438755
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1447591
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'