Logo

හැටන්හි වෙළඳසැල් 10ක් වැස‍ේ

පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් හැටන් නගරයේ වෙළඳසැල් 10ක් වසා දමා ඇත. පතල් හා භූවිද්‍යා කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාවෙන් අනතුරුව අදාළ වෙළඳසැල් වසා දැමීමට පියවර ගෙන ඇත. හැටන් නගරයේ නායයෑම් සහ පස්කඳු කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති ස්ථානවල පවතින ඉදිකිරීම් දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත ඉදිරියේ දී පරික්ෂාවට ලක් කෙරේ.

වෙළඳසැල් ඉදිකිරීමට පෙර පැතිබැම්මක් සකස් කර එම වෙළඳසැල් ඉදිකිරීම සඳහා පතල් හා භූවිද්‍යා කාර්යාංශය මගින් අනුමැතිය ලබාදී තිබුණ ද එම පැති බැම්ම සකස් නොකර අවිධිමත් ආකාරයෙන් වෙළඳසැල් ඉදිකිරීම හේතුවෙන් මෙම ආපදාවන් සිදුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් භූ විද්‍යාඥ නුවන් අමරතුංග මහතා පවසා සිටී.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13296548
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13192583
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10639457
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10539260
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10363313
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'