Logo

ජනාධිපතිවරණයේ දිනය ගැන අවසන් තීරණය අද

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැතිඇමතිවරුන් අතර හමුවක් අද (30) පැවැත්වීමට නියමිතය.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැතිඇමතිවරුන්ට අමතරව පළාත් මහඇමතිවරුන් ද මෙම හමුවට සහභාගි විමට නියමිතය.

මෙම හමුව බේරුවල ප‍්‍රදේශයේදී පැවැත්විමට නියමිත අතර මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වී ඇති යෝජනා සහ අදහස් පිළිබඳ අද පැවැත්වෙන හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණිමට නියමිතය.

ලබන නොවැම්බර් මාසයේ දී ප‍්‍රකාශයට පත්කර ජනවාරි මස අගදී පැවැත්වීමට රජය සැලසුම් කර තිබු ජනාධිපතිවරණය පාප්වහන්සේගේ මෙරට සංචාරය නිසාවෙන් මාස දෙකකින් එය කල් දැමිමට රජය තීරණය කොට ඇත. පාප්වහන්සේ ලබන ජනවාරි මස 13, 14 සහ 15 යන තෙදින ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12071872
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12083148
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9568179
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9471739
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9299140
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'