Logo

ඥාණසාර හිමිට අැමෙරිකාව තහනම්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අැමෙරිකාවට ඇතුල්වීම තහනම් කර ඇති බව වාර්තා වේ.

බොදුබල සේනා සංවිධානය පිහිටුවීමට පෙර ඥාණසාර හිමියන්ට අමෙරිකාවේ හා ඉන්දියාවේ ප‍්‍රාන්තයන්ට යාමට අවුරුදු 5 කට වීසා නිකුත් කර තිබුණු අතර එම වීසා අවසරය තවත් අවුරුදු එක හමාරකට ඉතිරිව අැත.ඒ අනූව උන්වහන්සේ 2013දී ද ඇතුළුව අවස්ථා කිහිපයකදී එරට විහාරස්ථානයක ආගමික කටයුතු සඳහා සහභාගි වූ බවත් ඩිලන්ත විතානගේ මහතා පැවසීය.

එහෙත් පසුගිය සතියේ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණයකට අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කර ඇතැයි දැනුම් දි තිබේ.

අමෙරිකාව වැනි රටක් තම සංවිධානයේ නායක පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාරි හිමියන්ට ලබාදී තිබූ වීසා අවලංගු කිරීම පිටුපස සංවිධානාත්මක කණ්ඩායම් ඇතැයි සැකයක් මතුවන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පැවසුවේය. පසුගිය දිනවල අලුත්ගම, බේරුවල සිද්ධීන් ඊට ආසන්තම සිදුවීම් බවත් මෙම සිද්ධීන්වලට තම සංවිධානයේ නම ඇඳා ගනිමින් චෝදනා නැඟීම ඊට හේතුව ලෙස සලකන බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 12776800
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12723393
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10202401
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10093538
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9921138
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'