Logo

ආණ්ඩුව පුවත් වාරණයක් ඇති කළේ ආණ්ඩුවේ පව් සැඟවීමට

ආණ්ඩුව පුවත් වාරණයක් ඇති කළේ ආණ්ඩුවේ පව් සැඟවීමට මිස සාමය ආරක්‍ෂා කිරීමට නොවන බව විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසීය.

ආණ්ඩුව පුවත් වාරණයක් ඇති කළේ ආණ්ඩුවේ පව් සැඟවීමට මිස සාමය ආරක්‍ෂා කිරීමට නොවන බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. අලූත්ගම සහ බේරුවල සිදුවීමෙන් පසුව පුවත් පත් වාරණයක් ලෙස ලිපියක් සෑම මාධ්‍ය ආයතනයකටම යවා තිබෙනවා. එම ලිපිය අනුව ක්‍රියා නොකළහොත් නඩු දමන බවත්, විද්‍ය{ත් මාධ්‍යවල බලපත්‍රවලට ප්‍රශ්න ඇති වන බවත් එමගින් දන්වා තිබෙනවා. එමෙන්ම ජනමාධ්‍ය ආයතනවලට කතා කොට ආණ්ඩුව පිළිබඳ ප්‍රවෘත්ති පළ නොකරන ලෙසත් අවවාද කළ බව දැනගන්න ලැබුණා.

ආගම් හෝ වර්ගවාදී ගැටුම් ඇති වූ අවස්ථාවලදී ඒවා සමතයකට පත් වන විදිහටත් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඉදිරියේදී ඇති නොවීමටත් වාර්තා කිරීමට ජනමාධ්‍යවේදීන්ට හැකියාවක් තිබෙනවා. එවැනි ජාතික හෝ ආගමික ගැටුමකදී සාමය ඇති වන ආකාරයට වාර්තා කරන ලෙස ජනමාධ්‍යවලින් ඉල්ලා සිටිය හැකියි. එසේ ඉල්ලීමක් නොකළත් ජනමාධ්‍ය එම වගකීම් සහගතව ක්‍රියා කරනවා. විශේෂයෙන් ජාති හෝ ආගම් භේද අවුස්සන කතා පළ කිරීමෙන් වැළකීමේ ස්වයං වාරණයකින් යුතුව ජනමාධ්‍ය බොහෝ අවස්ථාවල කටයුතු කරනවා. නමුත් 1983 කළු ජූලිය වැනි අනතුරුදායී කරදරකාරී අවස්ථාවලදී නිල වශයෙන් මාධ්‍ය වාරණ පනවා තියෙනවා. යුධ සමයේදීත් එවැනි අවස්ථා තිබුණා. අලූත්ගම සහ බේරුවල සිදුවීම් වූයේ මාධ්‍ය වාර්තා නිසා නොවෙයි. එහෙත් අලූත්ගම සහ බේරුවල සිදුවීම්වලට පැමිණි අය කවුරුන් දැයි හෙළි නොකරන ලෙස මාධ්‍යයට දන්වා තිබුණා. දර්ගා නගරයට ගොස් ආගම්වාදී කෝළහාලයක් ඇති වූ බව වාර්තා කිරීම මාධ්‍යයෙන් වළක්වනු ලැබුවා. ආණ්ඩුව උත්සාහ ගත්තේ අලූත්ගමදී ස්වාමීන් වහන්සේ නමකට පහරදුන් සිදුවීමට ප්‍රතිචාරයක් ලෙස ගැටුම් ඇති වූ බව පෙන්වීමටයි. එහෙත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ එවැන්නක් නොවෙයි.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1211
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 17518
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 274299
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 310115
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 569654
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15970528
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15851376
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13298541
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13243475
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13101388
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'