
වර්ෂාපතනය ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව පැවතුන හොත් නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑමේ පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය පවසා සිටී.
මෙම අනතුරු ඇඟවීම අද රාත්‍රී 10.00 දක්වා බල පැවැත්වෙන පරිදි නිවේදනය කර ඇති අතර එම අවදානම් සහගත තත්ත්වයන් ඇති විය හැකි ප්‍රදේශ ලෙස, නුවරඑළිය, කොත්මලේ, අඹගමුව කෝරළේ, කඳු බෑවුම් සහ පුන්ඩලුඔය - තලවකැලේ මාර්ගය, නුවර එළිය - හැටන් මාර්ගය ඇතුළු සියලු මාර්ග සහ නෝටන් බ්‍රිජ්, ලක්ෂපාන සහ කාසල්රී ප්‍රදේශ, කෑගල්ල, දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඇති කඳුකර බෑවුම් සහිත ප්‍රදේශ සහ නිර්මිත බෑවුම්, මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කඳු බෑවුම්, මහනුවර - මහියංගනය මාර්ගය ඇතුළු සියලු මාර්ග, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මතුගම, පාලින්ද නුවර, වලල්ලාවිට, බුලත්සිංහල, හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳුකර බෑවුම් සහිත ප්‍රදේශ සහ නිර්මිත බෑවුම්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, ඇළපාත, කලවාන, අයගම, රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ, කහවත්ත, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳුකර බෑවුම් සහිත ප්‍රදේශ සහ නිර්මිත බෑවුම් නම් කර ඇත.