Logo

‘සුපර් 4’ ශූරතාව සදර්න් එක්‌ස්‌ප්‍රස්‌ කණ්‌ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ‘අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සුපර් 4’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සදර්න් එක්ස්ප‍්‍රස් ඊයේ (02 දා) සමත් විය. අවසන් මහා තරගයේදී සචිත් පතිරණගේ සටන්කාමී අවසන් පන්දුවාරය හමුවේ උඩරට රූලර්ස්‌ කණ්‌ඩායම ලකුණු 4 කින් පරාජය කළ සදර්න් එක්‌ස්‌ප්‍රස්‌ කණ්‌ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වසරේ ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 තරගාවලියට සහභාගිවිමේ අවස්ථාව හිමි කර ගත්තේය.

අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සචිත් පතිරණ සම්මාන ලැබීය. තරග දෙකකදී කඩුලු හතක්‌ දවා ගනිමින් කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 6.71 ක්‌ ලෙස සටහක්‌ කළ අලංකාර අසංක තරගාවලියේ හොඳම පන්දු යවන්නා සම්මානය ලබා ගත්තේය. හොඳම පිතිකරු ලෙස අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 157 ක්‌ ලැබූ උපුල් තරංග තේරී පත්විය.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට අසේල ගුණරත්න පත්වූ අතර ඔහු තරග තුනකදී කඩුලු 9 ක්‌ බිඳ දමා තිබේ. එහෙත් සචිත් පතිරණ, අජන්ත මෙන්ඩිස්‌ සහ අලංකාර අසංක කඩුලු හත බැගින් බිඳ දමා පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන දක්‍ෂතා දැක්‌වීමට සමත් වූහ.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182168
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185203
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186413
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226477

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339618
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15179287
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15035231
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12519472
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12466453
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12313119
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'