Logo
2019 නොවැම්බර් මස 12 වැනි අඟහරුවාදා

බදුල්ලෙන් මන්ත්‍රීධුර තුනක් අඩුවේ

එළඹෙන මැතිවරණයේ දී ඌව පළාත් සභාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනෙන මන්ත්‍රීධුර සංඛ්‍යාව තුනකින් අඩු කිරීමට තීරණය කර තිබේ.ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන අනුපාතය වෙනස්වීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රී ධුර සංඛ්‍යාවේ වෙනසක් සිදු වු බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසා සිටී.

එහෙත් එළඹෙන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කය සඳහා එම මන්ත්‍රීධුර තුන එකතු වන අතර ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 14 දෙනෙක් තොරා ගැනීමට නියමිතව ඇත.මේ අනුව ඌව පළාත් සභාවට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තොරා ගැනෙන්නේ මන්ත්‍රීධුර 18ක් පමණයි.

මෙසේ දිස්ත්‍රික්කයකින් තෝරා ගැනෙන මන්ත්‍රීධුර සංඛ්‍යාව වෙනස් වුවද අදාළ පළාත් සභාවට තෝරාගැනෙන මුළු මන්ත්‍රීධුර සංඛ්‍යාවේ වෙනසක් සිදුනොවන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'