Logo

බුදුරුව පච්ච‍කොටා පැමිණි නයෝමිගේ නඩුව කැදවීමට අවසර

බුදුරුව අතේ පච්චකොටා බුදුරජාණන් වහන්සේට අපහාස කළේ යැයි අත්අඩංගුවට ගෙන පිටුවහල් කල නයෝමි මිෂෙල් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඊට එරෙහිව ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයයේ අවසරය ලැබී ඇත. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අවසර ලබා දුන් මෙම නඩු විභාගය ඒ අනුව ලබන දෙසැම්බර් මස පහළොස් වැනිදින විභාගවනු ඇත.

එබැවින් එවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියේ දී ඇතිවීම වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකසන ලෙසත් පෙත්සම්කාරිය පිටුවහල් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බවත් එය මුළුමනින් ම නීතියට පටහැණි බවත් පෙත්සම්කාරියගේ නීතිඥවරයා පවසාසිටී.

බුදු රුව සිය බාහුවේ පච්චයක් ලෙස කොටා ගත් පෙත්සම්කාරිය රට තුළට පිවිසීමට අවසර දීමෙන් ආගමික නොසන්සුන්තාවක් නිර්මාණය වීමට ඉඩ තිබූ බවත් ඒ තුලින් ඇයගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබූ නිසා ඇය පිටුවහල් කිරීමට පියවර ගත් බවත් රජයේ නීතිඥවරයා ‍මෙහිදී වැඩි දුරටත් පවසාසිටී.

තමන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා පිටුවහල් කිරීම තුලින් සිදු වූ මානව හිමිකම් කඩවීම වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ශ්‍රී ලංකා රජයෙන් අය කර දෙන මෙන් ඉල්ලමින් පෙත්සම්කාරිය මෙම නඩුව පවරා ඇත.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 13954
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 48373
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 76718
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 158335
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 618566
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16389225
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16313074
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13708299
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13647256
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13538289
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'