Logo
2019 ඔක්තෝම්බර් මස 21 වැනි සඳුදා

නීති විරෝධී භාණ්ඩ ගැන තොරතුරු දෙන්නන්ට 30%ක්

නීති විරෝධී භාණ්ඩ ආනයනය සහ අපනයනය සම්බන්ධයෙන් රේගු දෙපාර්තුමේන්තුවට නිවැරදි තොරතුරු ලබා දෙන්නන්ට එම භාණ්ඩවල වටිනාකමින් 30%ක් ලබා දීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

ඒ අනුව සම්පූර්ණ විස්තර සහිතව රේගු දෙපාර්තමේන්තුවට ලබා දෙන ඔත්තුවකින් සිදු කෙරෙන සාර්ථක වැටලීමකින් පසු රාජසන්තක කරන ලද භාණ්ඩ විකිණීමෙන් ලැබෙන මුදල සහ ඔත්තුකරුවන්ට පමුණුවන දණ්ඬන මුදලේ ප්‍රමාණය යන අගයන් දෙකේ එකතුවෙන් 30%කට ආසන්න ප්‍රමාණයක මුදලක් දිවයිනේ ඕනෑම පුරවැසියෙකුට ත්‍යාගයක් වශයෙන් හිමිවනු ඇත.

එබැවින් නීති විරෝධී භාණ්ඩ ආනයනය සහ අපනයනය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් එය රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම බුද්ධි අංශයේ 011 2 471 471 යන දුරකථන අංකයට හෝ 011 2 472 423 යන ෆැක්ස් අංකයට හෝ slcval@slt.lk යන විද්‍යුත් තැපෑලට යොමු කළ හැක.

මෙලෙස තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය භාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කෙරෙණ බවත් ඔවුන්ද තමන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කර ගත යුතු බවත් මෙහිදී ලෙස්ලි ගාමිණී මහතා වැඩිදුරටත් සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'