Logo
2019 ඔක්තෝම්බර් මස 19 වැනි සෙනසුරාදා

දකුණු අප්‍රිකාණු උප ජනාධිපති අද දිවයිනට

දකුණු අප්‍රිකාණු උප ජනාධිපති සිරිල් රමෆෝසා මහතා දෙදින සංචාරයකට අද(07) දිවයිනට පැමිණීමට නියමිතව අැත.ඒ ශ්‍රි ලංකාව දැනට මුහුණදී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අරමුණු කර ගනිමිණි.මෙරට ගැටලු සඳහා දකුණු අප්‍රිකාවේ සහය ලබාගැනීමට දෙරටේ රාජ්‍ය නායකයින් අතර එළඹි එකඟතාවන්ට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.ඒ අනුව දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා මහතා විසින් ශ්‍රි ලංකාව සම්බන්ධ විශේෂ නියෝජිතයා ලෙස සිරිල් රමෆෝසා මහතා නම් කොට අැත.

ශ්‍රි ලංකා රජයේ නියෝජිත පිරිසක් සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වු අතර එහිදි දකුණු අප්‍රිකාවේ සත්‍යය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයක් ද සිදු කොට තිබුණි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'