Logo
2019 ඔක්තෝම්බර් මස 14 වැනි සඳුදා

වැල්ලවත්ත ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක ගින්නක්

කොළඹ, වැල්ලවත්ත හැම්ඩන් පටුමගේ පිහිටි තෙමහල් ‍ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක ගින්නක් හටගෙන තිබේ.ඊයේ (06) රාත්‍රී 8.20ට පමණ එම ගින්න හටගෙන තිබෙන අතර ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

ඊයේ රාත්‍රීයේ ම ගිනි නිවීමේ හමුදාව සහ පොලිසිය එක්ව ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න නිවාදමා තිබෙන අතර ගින්න හේතුවෙන් අදාළ ගොඩනැගිල්ලේ උඩු මහලට දැඩි අලහභානි සිදු වී ඇති බව වාර්තා වේ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව පොලිසිය පවසා සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'