Logo
2019 ඔක්තෝම්බර් මස 14 වැනි සඳුදා

වටරැක හිමි ඇප මත නිදහස් වේ

බොදු බලසේනා සංවිධානයේ නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් අද (07) ඇප මත නිදහස් කෙරුණි.ඒ පානදුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ අසත්‍ය පැමිණිල්ලක් කළ බවට වටරැක විජිත හිමියන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව කැඳවු අවස්ථාවේදිය. එහිදී රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ රුපියල් 50,000 බැගින් වු ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ නිදහස් කෙරුණි.

අසත්‍ය පැමිණිල්ලක් කළ බවට පූජ්‍ය වටරැක විජිත හිමියන්ට නගා ඇති චෝදනා අපැහැදිලි බැවින් අදාල චෝදනා සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙසට මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර සිටියහ. තමන්ට එරෙහිව නගන චෝදනා පිළිනොගන්නා බවත් තමන් නිවැරදිකරු බවත් නඩුව කැඳවු අවස්ථාවේ පූජ්‍ය වටරැක විජිත හිමියන් කියා සිටියේ ය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'