Logo
2020 අප්‍රේල් මස 9 වැනි බ්‍රහස්පතින්දා
Loading...

පොලිස්පතිවරයා අස්වුනොත් මාත් අස්වෙනවා-ඇමති මර්වින්

අලුත්ගම සහ බේරුවල සිදුවු සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඉල්ලා අස් වන්නේ නම් තමාද සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කරසිටී. පොලිස් දෙපාර්තමේන්තුවට දක්ෂ නායකත්වයක් ලබා දුන් පොලිස්පතිවරයා අදාළ ධුරයෙන් ඉවත් විය යුතු බවට ඇතැම් පිරිස් නඟන චෝදනා අනුමත කළ ‍නොහැකි බවත් එවැනි ගෞරවාන්විත නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඊට විරෝධය පළ කිරීම සඳහා ජනතා නියෝජිතයෙකු මෙන්ම කැබිනට් ඇමතිවරයෙකු වන තමා ද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මර්වින් සිල්වා ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

අලුත්ගම ප්‍රදේශයේ පසුගියදා ඇති වු සිද්ධියට සම්බන්ධ වගකිව යුතු නිලධාරීන් ඊට නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් තමා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඊයේ (07) ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (08) පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී තිබෙන අතර එම ලිපිය බාර ගැනීම වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'