Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

කම්කරු දෙපාර්තමේන්තුවේත් අක‍්‍රමිකතා



කම්කරු දෙපාර්තමේන්තුවේ අක‍්‍රමිකතා රැසක් සිදුවෙමින් පවතින බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉරේෂ් චින්තක ගමගේ මහතා පවසා සිටී.එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ගොඩනැගිල්ලක් අලූතින් ඉදිකිරීමට යොදන ලද අත්තිවාරම මේ වන විට ගලවා දමමින් ඇති බව පෙන්වා දෙමින් ඒ මහතා එම අදහස් ඉදිරිපත් කළහ.

කම්කරු කොමසාරිස් ජෙනරාල් ධූරයට ස්ථීර නිලධාරියෙකු පත්කර නොසිටිමෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ රාජකාරී ඉටු කිරීමේ දී ද මෙවැනි අක‍්‍රමිකතා සිදුවන බව ගමගේ මහතා පවසා සිටී. කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දී තමන් එම ධූරයේ වැඩබලන බව ප්‍රකාශ කර ඇතත් එහෙත් එමගින් සිදුවන්නේ ද තවදුරටත් අක‍්‍රමිකතා වැඩිවිමක් බව ඔහු වැඩිදුරටත් පවසා සිටී. එබැවින් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අපක්‍ෂපාතී විමර්ශනයක් පවත්වන්නැයි මෙහිදී අවදාරණය කර සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'