මුස්ලිම් ජනතා ඉල්ලීම අනුව අලූත්ගම ප්‍රදේශයේ තාවකාලික යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් ජයනාත් ජයවීර මහතා සදහන් කරයි.
අලූත්ගම සහ බේරුවල ඇති වු ගැටුම් නිසා එම ප්‍රදේශ වල නිවාස 200ක් සහ කඩසාප්පු 73 කට වඩා ප්‍රතිසංස්කරණය කිරීමට තිබෙන අතර ඉන් රුපියල් 50,000 ට වඩා අඩු වියදමකින් ප්‍රතිසංස්කරණ කළයුතු නිවාස 125 ක්ද, වෙළද සැල් 35 ක්ද,රුපියල් 50,000 ට වඩා වැඩි වියදමකින් ප්‍රතිසංස්කරණය කළ යුතු නිවාස 75 ක් සහ වෙළද සැල් 35 ක්ද පවතින බව ඒ මහතා සඳහන් කර සිටී.