Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

ගණිතය අසමත් වන්නන්ට සහනයක්



අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් වුවද සෙසු විෂයන් සඳහා සම්මාන සාමාර්ථ 3ක් තිබෙන්නේ නම් එම සිසුන්ට තවත් අවුරුදු 2කින් ගණිතය විෂය සමත් කරගැනීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඊට අදාළ කැබිනට් පති‍්‍රකාව හෙට (10) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටී.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලද්දේ මාදම්පේ මැදගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.සාමාන්‍ය පෙළ විභාගයෙන් සෙසු විෂයන් සමත් වී ගණිතය අසමත් වූ සිසුන් මානසික පීඩාවන්ට ලක්ව සිටින බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'