Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක ජයක්



දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරඟයෙන් ලකුණු 87ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09)රාත්‍රීයේ පැවති තරගයෙන් සමත් විය.ඒහිදි පිළිතුරු වශයෙන් තරග වැදුනු දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 38.1දී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 180ක් පමණි.

මෙහි පළමුවෙන් තරඟ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පන්දුවාර 49.2දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 267කි.ඒහිදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 86ක්ද මහේල ජයවර්ධන ලකුණු 48ක්ද ලබාගත්තේය.

තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ඒ අනූව දෙපිළම 1ට 1ක් වශයෙන් ඉදිරියෙන් සිටින අතර තුන්වැනි තරඟය ලබන 12 වැනිදා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතව අැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'