කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයාව සිටි රොෂාන් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස හා ආගමික ගැටලු විසඳන පොලිස් එ්කකයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙසත් පත් කර තිබේ. ආගමික ගැටලූ විසඳන පොලිස් එ්කකයේ අධ්යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එම්.එස්. රංජිත් මහතා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්කර අැත.
මීට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකුට ද පොලිස් ස්ථානාධිපති තනතුරු පිරිනමා තිබේ.
ඒ අනුව පොලිස් විශේෂ කාර්යංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.වී.ඞී.ජී. සමන්තිලක මහතා මීගමුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත්, මුලතිව් පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඞී. සේනානායක මහතා අවිස්සාවේල්ල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත්,ගම්පොළ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. ජයසිංහ මහතා නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත් මරුකර යවා අැති බව පොලිස් මූලස්ථානය පවසා සිටී.
ඊට අමතරව
මහියංගණය පොලිස් ස්ථානාධීපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.බී. වික්‍රමසිංහ මහතා බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත් කැලණිය පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එන්.සී. වික්‍රමනායක මහතා හෙට්ටිපොළ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා ඇති බව පොලිස් මූලස්ථානය පවසා සිටී.
මීට අමතරව පොලිස් පරීක්ෂක එම්.කේ.එස්.එන් අල්විස් මහතා කැලණිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් පොලිස් පරීක්ෂක කේ.එන්. දිල්රුක් මහතා වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙසත් තිහගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි එච්.කේ. රුක්මන් කුමාර මහතා ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා තිබෙනවා.