Logo
2020 ඔක්තෝම්බර් මස 26 වැනි සඳුදා

පෞද්ගලික බස් රථ පැමිණිලි සදහා ක‍්ෂණික අංකයක්



පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැමිණිලි දැනුම් දීම සඳහා හඳුන්වා දී ඇති ක‍්ෂණික දුරකථන අංකය හා ස්කයිප් ලිපිනය භාවිතා කරන ලෙස පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා මගී ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව මගීන් විසින් සිදුකරනු ලබන පැමිණිලි පහත සඳහන් ක‍්ෂණික දුරකතන අංකය අමතා හෝ ස්කයිප් ලිපිනය භාවිතා කර යොමු කරන ලෙස දැනුම් දී සිටී.

ක‍ෂණික දුරකථන අංකය - 071 655 0000
Skype ලිපිනය - privatetransportservices
විද්‍යුත් ලිපිනය - mprivatetransport@gmail.com
වෙබ් ලිපිනය - ptsmin.gov.lk

අමාත්‍යාංශයේ මෙම පැමිණිලි ඒකකය සඳහා පසුගිය ජනවාරි මස පළමුවන දින සිට අද දින (10) දක්වා පැමිණිලි 167 ක් ලැබී ඇති අතර,ඒ අතර අන්තර් පළාත් බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි 73 ක් ද, පළාත්බද බස් රථ සම්බන්ධයෙන්ද පැමිණිලි 94 ක් ද වේ.

මගීන් විසින් කරනු ලබන පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් අඩුපාඩු සහිත බැවින් ඒවා විමර්ශණය කිරීම දුෂ්කර වී ඇති බැවින් පැමිණිලි කිරීමේදී බස් රථයේ ලියාපදිංචි අංකය, මාර්ග අංකය, වේලාව, ආදිය පැහැදිලිව සඳහන් කළ යුතු අතර, ප්‍රවේශ පත්‍රය තමා සතුව තබා ගැනීම විමර්ශණය සිදු කිරීමට පහසුවක් වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'