ශ්‍රී ලංකාවේ බංගලාදේශ නව මහ කොමසාරිස් වශයෙන් දැනට බංගලාදේශයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරන තාරික් අහ්සන් මහතා, පත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුවේ එකඟත්වය ඇතිව බංගලාදේශ මහජන රජය විසින් තීරණය කොට තිබේ.
වෘත්තීයෙන් රාජ්‍යතාන්ත්‍රීය නිලධාරියෙකු වන අහ්සන් මහතා බංගලාදේශ සිවිල් (විදේශ කටයුතු) සේවයේ 09 වන කණ්ඩායමට අයත් වන අතර ඊට අමතරව නිව්යෝර්ක්, රියාද්, ජකර්තා සහ බර්ලින් යන බංගලාදේශ විදේශ දූත මණ්ඩලවල විවිධ තරාතිරම් යටතේ ද සේවයේ නියුතු වී ඇත.
තාරික් අහ්සන් මහතා බංගලාදේශ ඉංජිනේරු හා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් සහ ජාත්‍යන්තර සමාජ අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා හා සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබාගෙන තිබේ.