මධ්‍යම ජපානයේ අධික වැසි සහිත සුළි කුණාටු තත්වය සමග නායයෑමේ අවදානමක් හටගෙන තිබේ. මේ හේතුවෙන් කුඩා දරුවෙකු මිය ගොස්, දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
නගිසෝ නැමැති සංචාරක ප්‍රදේශයේ නායයෑම් අවදානමක් පවතින බවට, ජපාන බලධාරීන් අනතරු අගවා තිබෙන අතර පස් කදු හා ගල් පෙරලීමෙන් නිවාස රැසකට අලාභහානි සිදු වී ඇති අතර ඇතැම් මාර්ග වල ගමනාගමනය ද ඇණ හිට තිබේ. ස්ථාන පහක නායයෑම්වලින් පනහකට අධික පිරිසක් අවතැන්ව සිටින අතර විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනම් සටහන සේවා ක්‍රියාත්මක කර තිබේ.
ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළද, දැඩි සුළං සහිත කාලගුණය බලපැවැත්විය හැකි බවට දැනුම් දී තිබෙන අතර මේ නිසා ජපානයේ දුම්රිය සහ ගුවන් ගමන් වාර රැසක් තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා සදහන් කරසිටී.