ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමට චීන යාත්‍රාවලට අවසර ලබාදුන් බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටී.
ඉන්දියානු සාගර කලාපයේ ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමේ බහුලව යෙදී සිටින යුරෝපා සමාගම් සමග තරග කිරීමට, ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමාගම් ලෙස ලියාපදිංචි කොට එසේ අවසර දුන්බව ඒ මහතා සදහන් කරයි.
ස්පාඤ්ඤ සහ ප්‍රංශ යන රටවලට අයත් ධීවර බෝට්ටු ඔවුන් දියුණු තාක්ෂණික මෙවලම් යොදා වරකට මාළු ටොන් 900-1000 තරම් විශාල ප්‍රමාණයක් නෙළාගන්නා අතර එහිදි ශ්‍රී ලංකාව සතු යාත්‍රාවලට නෙළාගත හැක්කේ වරකට ටොන් 10 ක් තරම් සුළු ප්‍රමාණයක් බව හෙතෙම පවසා සිටී. එබැවින් එකී මුහුදු සීමාවේ තරගකාරීව විශාල ලෙස මත්ස්‍ය අස්වැන්න නෙළාගැනීම සදහා චීන යාත්‍රා මෙරට ලියාපදිංචි වී ධීවර කටයුතුවල නිරතවන බව අමාත්‍යවරයා පවසා සිටී.