වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන කප්පාදුවට එරෙහි වෙමින් බි්රතාන්යයේ රාජ්‍ය සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනය සඳහා ගිනි නිවන සේවා භට පිරිස්, පුස්තකාල සේවකයන් සහ පළාත් පාලන සේවකයන් ඇතුළු රජයේ කාර්යාල රැසක නියෝජිතයන් එක්ව ඇති අතර වර්ජිත සේවකයන් පිරිස ලක්ෂයක් දක්වා වැඩි කර ගැනීම මොවුන්ගේ අපේක්ෂාවයි.
මේ හේතුවෙන් පාසල් පවා වසා ඇති අතර මේ නිසා ළමයින් දැඩි අසීරුතාවයන්ට මුහුණ දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එහෙත් බි්රතාන්ය බලධාරීන් සඳහන් කරනුයේ රජයේ කාර්යාලවල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.