ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන කුකුළු මස් හා බිත්තර සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කොට ඇත.පක්ෂි උණ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මීට පෙර එම තහනම පනවා තිබූ බව නිවේදනයක් නිකුත් කරමින් ඩුබායිහී ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය ප්‍රකාශ කරසිටී.
ශ්‍රී ලංකාව පක්ෂි උණ රෝගයෙන් තොර රටක් බවට කරුණු දැක්වීමෙන් පසුව එම තහනම ඉවත් කිරීමට පියවර ගත්බව ඩුබායිහී ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සඳහන් කර සිටියහ.