පසුගිය අගහරුවාදා රුපියල් 5000 ව්‍යාජ නෝට්ටුවක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු අනුව ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ යන්ත්‍රයක් දෙමටගොඩ ප්‍රදේශයේදී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.එහි තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 200ක් සමග සැකකරුවන් දෙදෙනෙකු එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
මීට පෙර ව්‍යාජ මුදල් නෝට්ටු සියයකට වැඩි සංඛ්‍යාවක් ළග තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද අලුත්කඩේ අංක 05 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අැත.