හබීබ් නගර් ප්රදේශයේ කාන්තාවකගේ නිවසකට බලහත්කාරයෙන් ඇතුල් වීමේ සිද්ධියක් සම්බන්දයෙන් පොලිස් මුරපොලෙන් බැහැරව පොලීසිය අපකිර්තිමත් වන ආකාරයෙන් හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මෙසේ වැඩ තහනමට ලක්ව අැත්තේ මුතූර් පොලීසියට අනුයුක්තව මේන්ගම පොලිස් මුරපොලේ රාජකාරියේ නියුතුව සිටි කොස්තාපල්වරයෙකු බව සදහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන වලදී පොලිස් කොස්තාපල්වරයා වැරදිකරු බව තහවුරු වු අතර ඉන් අනතුරුව ඔහුගේ සේවය අත්හිටුවීමට මූතුර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතා නියෝග කොට අැත.