පෙරේදා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් 31 දෙනෙකුගෙන් ශිෂ්‍ය සංගම් කි‍්‍රයාකාරිකයන් 29 දෙනෙකු අද (11) නිදහස් කෙරුණි. ඒ,සැකකාර සිසු සිසුවියන් සදහා රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප මත ය.එහිදී අධිකරණය නියම කළ ඇප කොන්දේසී සපුරාලීමට නොහැකි වු අනෙක් සිසුන් දෙදෙනා තව දුරටත් බන්ධනාගාර ගතව සිටී.
ශරීර ඇප සඳහා ඉදිරිපත් කරන ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවත් ඔවුන් ඥාතීන් බව සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතික මෙන්ම එම ඇපකරුවන් විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කොට ඇත. විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් සිර අඩස්සියට ගෙන අයුතු බිය ගැන්වීමක් සිදුකිරීම සම්බන්දයෙන් ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.මෙම සිද්ධියට අදාළ නඩුව මේ මස 27 වන දා යළි විභාගයට ගැනෙනු ඇත.