බාහිර උපාධි පාඨමාලා සදහා කැළණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වන විද්‍යාර්ථින්ට මූල්‍ය පහසුකම් සැපයීමේ ගිවිසුමකට ඊයේ අත්සන් තැබිණි.කැළණිය විශ්ව විද්‍යාලය සහ මහජන බැංකුව අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් පවත්තාගෙන යන උපාධි පාඨමාලා සදහා ලියාපදිංචි වන සිසුනට මේ අවස්ථාව උදා වන අතර සහන පොලී අනුපාතයක් යටතේ වසර 07 කින් ගෙවිය හැකි පරිදි මෙම ණය ආධාර පිරිනමනු ලැබේ.ඊට අමතරව තවත් වසරක සහන කාලයක් ද හිමිව තිබේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා සහ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.බී.රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කෙරුණි.