ශ්රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් සදහා කළු පැහැති දිගු ගවුම වෙනුවට වෙනත් පැහැති ඇඳුමක් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කවුන්සිලය සූදානම් වේ.කළු නොවන අනෙක් පැහැති අබයා මිලදී ගැනීමට අපහසු මෙන්ම දැනට වෙළඳපොළ තුල ඇති විවිධ පැහැති අබයා මිල අධික වීම මෙම වැඩසටහන හඳුන්වා දීමට හේතු වු බව කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් සදහන් කරයි.එබැවින් පහසු මිලට ලබාගත හැකි විවිධ පැහැයන්ගෙන් යුත් අබයා වෙළඳපළට හඳුන්වා දීමට කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව දිළිඳු පවුල්වල මුස්ලිම් කාන්තාවන්ට පාට අබායා ඇඳුම් නොමිලේ ලබා දීමේ වැඩසටහන් ඉදිරි දින කිහිපය තුල ආරම්භ කරන බව ශ්රී ලංකා මුස්ලිම් කවුන්සිලය ප්රකාශ කරයි.