ඊශ්‍රායල සහ පලස්තීන කැරලිකරුවන් අතර සටන් විරාමයක් ඇති කිරිමට ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා මැදිහත් වීමට සුදානම් බව විදෙස් වාර්තා පවසා සිටී.ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකින් පසු ඔබාමා මේ බව ප්‍රකාශ කර ඇති බව සදහන් වේ.
මේවන විට ගැටුම්වලින් සියයකට ආසන්න පිරිසක් මියගොස් 600 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවත් ඒ අතර සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ද සිටින බව වාර්තා වේ.
මේ අතර පලස්තීනය සමඟ හදිසි සටන් විරාමයක අවශ්‍යතාව ජගත් මහ ලේකම් බෑන් කී මූන් මහතා ද අවධාරණය කර තිබෙන අතර සටන් විරාමයකට යොමු වන ලෙස රටවල් රැසක් ද ඊශ්‍රායලයට මේ වනවිට දැනුම්දී තිබේ.