මධ්‍යම රජයට හා පළාත් සභාවට අයත් රෝහල් තුළ ඖෂධවේදී පුරප්පාඩු 1600ක් පමණ ඇතත් ඔවුන්ව බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක්‍රමවත් වැඩ පිළිවෙලක් නැතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කර සිටී.ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා කොළඹ වෛද්‍ය පිඨය තුළ එක් වසරකදී ඖෂධවේදීන් 100 දෙනෙකු පුහුණු කිරීම සඳහා අවස්ථාව ඇතත් පුහුණු කරනු ලබන්නේ ඉන් හරි අඩක් පමණක් බව සංගමය ප්‍රකාශ කරයි.
එසේම ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් බිහිවන උපාධිධාරී ඖෂධවේදීන් බහුතරයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බඳවා ගැනීමේ ප්‍රතිපාදන ඒම අමාත්‍යංශය තුල නොමැති බවත් වෘත්තීමය කුසලතාවන් සහිතව ක්ෂේත්රයට පැමිණෙන ඖෂධ වේදීන්ගේ සේවාව රෝහල තුලදී නිසි කළමණාකරණයකට ලක් නොවීම හේතුවෙන් තත්ත්වයෙන් බාල ඖෂධ හා ලියාපදිංචි නොකළ ඖෂධ රට පුරා සංසරණය වීම ඉතා ඉහළ මට්ටමක පවතින බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කර සිටී.