ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුද්ධත්වය සඳහා පාරමී සම්පූර්ණ කළ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව සිට මහාමායා දේවීයගේ මව්කුස පිළිසිඳ ගැනීම, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මහාඅභිනිෂ්ක්රමනය, රාහුල කුමරුන්ගේ උපත සහ බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනය පැවැත්වීම,අැතුලු සිදුවීම් ගණනාවක් අදවන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
භික්ෂූන් වහන්සේලා පෙරවස් විසීමද මෙම පොහෝ දිනයෙන් අාරම්භ වේ.මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු අරිට්ඨ කුමරු ඇතුළු 56 දෙනෙකු මහණ උපසම්පදාව ලබා ගැනීම , දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහා සෑයට මුල්ගල තැබීම යන සිද්ධින් සිදුව ඇත්තේ ද අදවන් ඇසළ පොහෝ දිනයකදීය.