ශ්රී ලංකාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරඟයෙන් ලකුණු 82ක ජයක් ලබා ගැනීමට දකුණු අප්රිකාව සමත් විය.පළමුවෙන් පන්දුවට පහර දුන් අප්රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ට ලකුණු 339ක් ලබාගත් අතර එහිදී කුවින්ටන් ද කොක් ලකුණු 128ක් හා ඒබී ද ඩිවිලියර්ස් ලකුණු 108ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ලකුණු 340ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 44යි පන්දු 3දී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 257ක් පමණි.එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58ක්, කුසල් ජනිත් ලකුණු 37ක් හා කුමාර් සංගක්කාර ලකුණු 36ක් බැගින් ලකුණු ලබා ගැනීමට සමත් විය.
ඒ අනූව තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය 2ට 1ක් ලෙස ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවැති මෙම අවසන් තරඟය මීට ටික වේලාවකට පෙර නිමා විය.