එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයයේ පැවති පරීක්ෂණයෙන් පසු පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට තහවුරු වීම හේතුවෙන් සචිත්ර සේනානායක වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරඟවලට සහභාගි කරවීමෙන් වළක්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.
ඉකුත් එංගලන්ත සංචාරයේදී සචිත්ර සේනානායකගේ පන්දු යැවීම සැක සහිත බවට විනිසුරුවන් විසින් කළ චෝදනාවකින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලදී. එම පරීක්ෂණවල ප්‍රතිඵල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති අතර ඒ අනූව සචිත්ර ජාත්‍යන්තර තරඟවලට සහභාගි කරවීමෙන් වළක්වන ලෙස උපදෙස් ලබාදී ඇතැයි සඳහන්ය.