කටුනායක - ආඬිඅම්බලම - වල්පොල පාරේ දමාගොස් තිබියදී මාස එකහමාරක පමණ වයසැති පිරිමි බිළිඳෙකු කටුනායක පොලිසිය විසින් සොයා ගෙන තිබේ.බිස්කට් අසුරන කාඩ්බෝඩ් පෙට්ටියක දමා අතහැර ගොස් තිබියදී අද (12) උදෑසන පොලිසියට ලද තොරතුරක් මත මෙම බිළිඳා සොයා ගෙන තිබේ.
මෙම බිළිඳා දැනට මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙන අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද පොලිසිය සඳහන් කරසිටී.බිළිඳා අතහැර ගිය පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කටුනායක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.