තමන් ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පහර දෙන බවට පලස්තීන හමාස් සටන්කාමීන්, ගුවන් සේවාවලට අනතුරු අඟවා තිබේ.නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය ගුවන් සේවාවලින් ඉල්ලා සිටියේ, ඊශ්‍රායලයේ බෙන් ගූරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා පියාසර නොකරවන ලෙසට යි.
ඊශ්‍රායලයට මෙතෙක් සිදුකල දෛනික රොකට් ප්‍රහාර වලින් මේ දක්වා එහි ජාත්‍යන්තර ගුවන් ගමන්වලට බාධාවක් සිදු වී නොමැති හෙයින් මෙම පහර දීම් සිදුකරන බවට සදහන් වේ.
එසේම ජාත්‍යන්තර බලපෑම් හමුවේ ගාසා මෙහෙයුම් නතර නොකර බවට ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරසිටී.ඔහු කියා සිටිනුයේ පසුගිය අඟහරුවාදා සිට මේ දක්වා ඉලක්ක 1000කට අධික සංඛ්‍යාවකට ඊශ්‍රායලය පහර දී ඇති බව ය.
ඒ අතර ඊශ්‍රායලය විසින් තම භූමි ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 105 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීන බලධාරින් ප්‍රකාශ කරසිටී.
ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් සමග ගසා ගැටුම් සම්බන්ධයෙන් යහපත් වු දුරකථන සාකච්ඡා පැවැත් වුවද කිසිදු ජාත්‍යන්තර බලපෑමකට තම ක්‍රියාමාර්ග නතර නොකරන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා අනාවරණය කර සිටී.