ග්‍රෑම් 24 ක බරින් යුත් ගජ මුතු දෙකක් රුපියල් ලක්ෂ 06 කට අලවි කිරීමට සුදානම් වූ අවස්ථාවේ ඊට සම්බන්ද සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී ඇත.සාලියවැව පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව ව්‍යාජ ගැණුම්කරුවෙකු යොදවා ඊයේ (12) සවස සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගණුනි.
සැකකරු පැමිණි යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැණුනු මෙම සැකකරු රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.