Logo
2020 නොවැම්බර් මස 29 වැනි ඉරිදා

ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟය අද



ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද(13)රාත්‍රී 12.30ට බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර මරකානා කී‍්‍රඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

20වැනි වරට මෙවර පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ ජර්මනිය හා ආජන්ටිනාවයි.

මීට පෙර තුන්වතාවක් පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ජර්මනිය සමත් වී ඇති අතර ආජන්ටිනාව එය අවස්ථා දෙකකදී හිමිකර ගෙන තිබේ.

අවසන් මහා තරඟයකට ජර්මනිය සුදුසුකම් ලැබූ 8වන අවස්ථාව මෙය වන අතර ජර්මනිය මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයට මුහුණ දෙන්නේ වසර 24කට පසුවය.

අවසන් පූර්ව තරඟයේදී ගෝල 7ට එකක් ලෙස බ‍්‍රසීලය පරාජයට පත්කළ ජර්මනියට ලෝක කුසලානය දිනාගැනීමේ වැඩි අවස්ථාවක් පවතින බව කී‍්‍රඩා විචාරකයෝ පවසා සිටී.

තරඟය නැරඹීම සඳහා වන සියලු ප‍්‍රවේශපත් මේ වනවිට විකිණි අවසන් අතර බිලියනයකට අධික පිරිසක් රූපවාහිනිය ඔස්සේ ද තරඟය නැරඹීමට නියමිතව ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'