අලුත්වන කොළඹට තවත් සුන්දර පරිශ්‍රයක් එක් කරමින් "ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්සි ස්කෙයාර්" (ARCADE INDEPENDRNCE SQUARE)නමින් දැවැන්ත වෙළද සංකීර්ණයක් එක් විය.කොළඹ නිදහස් මාවතේ නිදහස් චතුරස්රයේ ඉදිකෙරුණු මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද(13) පස්වරු 4.00ට විවෘත විය.
ඕලන්ද යුගයේ ගොඩනැගිලි කිහිපයක් ද සහිත මෙම භූමියේ විගණකාධිපති දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය, රජයේ රස පරීක්ෂක ආයතනය පිහිටා තිබු අතර එම ආයතන වෙනත් ස්ථානවල පිහිටුවා පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ පැරැණි ගොඩනැඟිලිවල ආකෘතිය වෙනස් නොකර මෙම ස්ථානයේ නවීකරණ කටයුතු ආරම්භ කරන ලදී.
මෙම ගොඩනැගිලි පරිශ්‍රය තුළ සාප්පු සංකීර්ණ, අවන්හල් ඇතුළු වෙළෙඳසැල් හා අලෙවි ප්‍රදර්ශන කුටි 40ක් සහ කුඩා සිනමාහල් දෙකක් ද ස්ථාපිත කර ඇති අතර එසේම පරිසර සුන්දරත්වය දැක්වෙන අලංකාර වතුරමල්, මින්මැදුරු සහ ව්‍යායාම් මංතීරුවලින් සමන්විත වේ.