දිවයින හරහා පවතින තද සුළං තත්ත්වයේ අවමවීමක් දක්නට ලැබුණද මධ්‍යම කඳුකරය සහ අවට මුහුදු ප්‍රදේශවල තරමක තද සුළං තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරසිටී.ඒ අනුව පැ.කි.මී. 50-60 පමණ තරමක තද සුළං තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිත දෙසින් හමන සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන අතර සුළං වේගය විටෙක පැ.කි.මී. 50 -60 පමණ දක්වා ඉහළ යාහැක. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැ. කි. මී. 80 පමණ දක්වා ඉහළ යා හැකි බවද සදහන් වේ.